hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 අප්‍රේල් 28, ප.ව. 12:12



පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වූ රාජ්‍ය සේවකයන්ට තමා ඡන්දය ඉල්ලන ඡන්ද බල ප්‍රදේශයට ආසන්න බල ප්‍රදේශයන්හි රාජ්‍ය ආයතනවල සේවය කිරීමේ අවසරය ලබාදෙන චක්‍රලේඛය ලබන සතියේ පිට කරන බව අග්‍රාමාත්‍ය, රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවවේදී අද (28) සඳහන් කළා.

එසේම රාජ්‍ය ආයතනවලට ඈත ප්‍රදේශවලින් එන අයට ඒ ස්ථානවලම නැවතත් රාජකාරි කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙන බවද හෙතෙම සඳහන් කළා.

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසූවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ විවාදයේදීයි.

මැතිවරණය කල් දැමුවද  අවලංගු කර නැති  තත්ත්වය යටතේ මැතිවරණ නීතිය කඩා නොවන ආකාරයට කටයුතු කිරීම වැදගත් බවත් මැතිවරණ කොමිෂන් සභාවද ඒ කාරණය පෙන්වාදී ඇති බවත් ගුණවර්ධන මහතා පැවසුවා.

මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුවට කොන්දක් නැති නිසා රාජ්‍ය සේවකයන්ගේ වැටුප අහිමි කරන එක හරිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ප්‍රශ්න කළා.

රාජ්‍ය සේවකයන්ට වැටුප අහිමි වී තිබෙන්නේ ඒ අයගේ වරදින් නොවේ යැයිද රජයේ නිලධාරීන් නිවාඩු අරගෙන මැතිවරණයට ඉදිරිපත් වූ අතර මැතිවරණය පවත්වන්න මුදල් නොදෙන්න රජය තීරණය කර තිබෙන බැවින් මැතිවරණය කල් යාම රාජ්‍ය සේවකයන්ගේ වරදක් නොවේ යැයි විපක්ෂ නායකවරයා සඳහන් කළා.

දහස් ගණනක් රාජ්‍ය සේවකයන් අනාත කළේ ආණ්ඩුව බවද සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා.

බොහෝ රාජ්‍ය සේවකයන්ට තවමත් වැටුප් ලැබී නැතැයි කී විපක්ෂ නායකවරයා මෙය බරපතළ කාරණයක් සේ සලකා ආණ්ඩුව මීට මැදිහත් විය යුතු බව බවද සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: