hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූනි 23, පෙ.ව. 11:49



රජයේ විශ්වවිද්‍යාලයන්ට පමණක් නොව, පෞද්ගලික විශ්වවිද්‍යාලවලටත් අවස්ථාව ලැබෙන ආකාරයට දරුවන්ට පහසුකම සලසා දීම ඉතා වැදගත් බවත්, තමන් අධ්‍යාපන අමාත්‍යවරයාව සිටියදී එම අවස්ථාවන වැඩි කිරීමට පියවර ගත් බවත්, ඒ සම්බන්ධයෙන් වන ණය ක්‍රමයේ දැනට මතුව ඇති මුල්‍ය ගැටළු විසඳීමට රජය කටයුතු කරන බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (23) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

ඔහු මෙම අදහස් පළ කළේ විපක්ෂ නායකවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි.

උසස් අධ්‍යාපනය සඳහා උපාධි පාඨමාලා හැදෑරීමට රජය ක්‍රියාත්මක කරන ණය යෝජනා ක්‍රමයේ 2021/2022 කණ්ඩායම සඳහා ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් නිකුත් වී නොමැති බව පවසමින්, අදාළ ප්‍රශ්නය මතු කර තිබුණා.

“විපක්ෂ නායකතුමා සඳහන් කරපු කාරණය සම්බන්ධව අධ්‍යාපන ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී කලින් ද පැහැදිලි කළා, ප්‍රකාශ කළා. මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩලය අවධානය අධ්‍යාපන අමාත්‍යතුමා විසින් ගෙනල්ලා මුදල් ප්‍රතිපාදන පිළිබඳ ගත යුතු ක්‍රියා මාර්ගය දැනට සාකච්ඡා කරලා ක්‍රියාත්මක වෙනවා.”

“මම අධ්‍යාපන අමාත්‍යතුමා කාලයේ මම සිහිපත් කරන්න කැමතියි, බොහොම කෙටි කාලයක් ඒ කාලයේත් පෞද්ගලික විශ්වවිද්‍යාල ගණනාවකට මේ පහසුකම අපි දුන්නා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ. එවැනි ප්‍රමාණයන් වැඩි කිරීමට පියවර ගත්තා. “