hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූනි 06, පෙ.ව. 9:52



මේ වන විට නව දේශපාලන ව්‍යාපාර හා පක්ෂ පිහිටුවීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ සියලුදෙනා අතර කතාබහක් ඇති වී තිබෙනවා.

ඒ සඳහා සාකච්ජාද ඇතැම් දේශපාලන පක්ෂ ආරම්භ කර තිබෙනවා.

මේ අතර හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කර තිබෙන්නේ නව දේශපාලන පෙරමුණක අවශ්‍යතාවය රටට දැනී ඇති බවයි.

කුසලතාවයට, අවංකකමට මුල් තැන දෙන නව දේශපාලන පෙරමුණක් හැදිය යුතු බවද ඒ මහතා සඳහන් කළා.

විවිධ දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෘත්තිකයින්, ව්‍යාපාරික ප්‍රජාව සහ තරුණ නියෝජිතයින් සමඟ පසුගියදා කොළඹ පැවැති සම්මන්ත්‍රණයක් අමතමින් ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ අදහස් දක්වා සිටියා.

“ශ්‍රී ලංකාවේ වගකීම් විරහිත දේශපාලන ප්‍රතිපත්තීන් විසින් රට බරපතළ ව්‍යසනයකට යොමුකර තිබෙනවා. ඒ අනුව අද අප ගමන් අප ගමන් කරමින් සිටින්නේ දේශපාලන කනත්ත දිශාවටයි. එක පක්ෂය එකට එක නායකයෙකුගේ ගොඩ දැමිය නොහැකි තරම් ගැඹුරු වළක පතුලකයි අද අපි සිර වෙලා ඉන්නේ. ඒ නිසා පිළුණු වූ ඉතිහාස කතා වෙනුවට නව දේශපාලන කියවීමක් රටට අවශ්‍යයි. තරුණ ප්‍රජාවට, බුද්ධිමතුන්ට වැඩි ඉඩක් ලැබෙන ලොව නව ප්‍රවණතා හදුනාගත් පළල් දේශපාලන පෙරමුණකින් තොරව අපට අනාගතයක් නැහැ. ඥාති සංග්‍රහ වෙනුවට කුසලතාවයට මුල් තැන දෙන, දූෂණය වෙනුවට අවංකභාවයට ගරු කරන, වහල්භාවය වෙනුවට ප්‍රායෝගික භාවයට ප්‍රමුඛත්වය දෙන දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් ගෝත්‍රික දේශපාලන බෙදීම් වලින් තොරව සුදුස්සන්ට සියලු දෙනා එකට එකතුවීම තවදුරටත් පමා නොකළ යුතුයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ මෙන්ම තවත් බොහෝ දේශපාලන ධාරාවක් නියෝජනය කරන නවක දේශපාලනඥයින් රාශියක් මේ කිසියම් පුද්ගලයකුගේ පෞද්ගලික න්‍යාය පත්‍රයක් වෙනුවෙන් ඔහු හෝ ඇය වටා ගොනු වී ඉන්නා කල්ලියක් පමණි.”

“එවැනි කල්ලි පරම හතුරා ලෙස පිළිගන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි. ඒ සියලු දෙනාගේම ප්‍රතිපත්තියෙන් කේන්ද්‍ර කර තිබෙන්නේ ඒකාධිපතිවාදය, මදාවිවාදය, කෑදරවාදය හෝ පවුල්වාදය වටායි. මේ අවුලෙන් පක්ෂ මුදාගන්න මැතිවරණ කොමසාරිස්ට බෑ. එම වගකීම පැවරෙන්නේ මෙරට මිලියන දාසයක දාසයක ඡන්දදායකයන්ට හා ජනමාධ්‍ය වලටයි. මේ දේශපාලන ආබාධිතභාවය නිසා පාර්ලිමේන්තුවත් අද අනාථාගාරයක් බවට පත්වෙලා. අධ්‍යක්ෂකවරයා මේ මොහොතේ සපිරි ගෙයකට කොටුවෙලා හිටියත් පාර්ලිමන්ට් ජෝක්ස් දිනපතා පැය ගණනාවක් වායු සමීකරණය කළ දියවන්නා ශාලාවේ වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ පෙන්වනවා. මිලියන විසි දෙක නොබලා 113 දෙස බැලීමටයි අපේ හැම නායකයෙක්ම පුරුදු වෙලා තියෙන්නේ. 69 ලක්ෂය වගේම 53 ලක්ෂයට අද මොකද වෙලා තියෙන්නෙ? අපි කාටත් ඒක අනුමත වෙලා. සූරලා පැත්තකට විසි කරපු සංවර්ධන ලොතරැයියක් බවට ඒවා පත් කරලා ඉවරයි. මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ දේශපාලන ස්ථාවර භාවයයි. ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේ පළමු පියවර දේශපාලන ස්ථාවරභාවය බව නොපෙනෙන නායකයන්ට ඇහැට ඇඟිල්ලෙන් ඇන හෝ එය පෙන්වා දිය යුතුයි. අප හමුවේ තිබෙන විසි එක් වැනි සංශෝධනයට මුළුමනින්ම අප පක්ෂ විය යුත්තේ එය අර්ථය ඇතිවයි. කිසිවෙකුට එය නතර කිරීම සඳහා උගුලට වීමට හෝ බොරු වළවල් කැපීමට ඉඩ නොදිය යුතුයි. “21” ට එකතු වී අපි සියලුදෙනා පෙන්වා දිය යුත්තේ 21 ශතවර්ශයට අපි සූදානම් බවයි.”