hit counter

2025 ජනවාරි මස 15 වන බදාදා

2024 පෙබරවාරි 04, පෙ.ව. 12:06



උපාධියක් යනු රැකියාවට සුදුසුකමක් නොවන බවත්, ශිෂ්‍යත්වය හෝ සාමන්‍ය පෙළ සමත් වීම පමණක් අප රටේ රැකියාවක් ලබා ගැනීමට තිබෙන එකම සුදුසුකම නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන ජයගමු ශ්‍රී ලංකා දිප ව්‍යාප්ත ජනතා ජංගම සේවා වැඩසටහනේ සමාරම්භක වැඩසටහන අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා,

“උපාධිය කියන්නේ රැකියාවට සුදුසුකමක් නෙමෙයි… අපේ රටේ රැකියාවක් ලබා ගන්න තියෙන සුදුසුකම විදිහට මොකක්ද අපි හිතන්නේ, ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සමත් වුණාම මගේ දරුවා හොඳ දරුවෙක් කියලා හිතනවා, උසස් පෙළ සමත් වුණාම රැකියාවක් ලබා ගන්න සුදුසුකමක් කියලා හිතනවා, ලක්ෂ 03 ක් තුන හමාරක් පළවැනි වසරෙන් ඇතුළත් වුණාම, විසිපන්දහසක්, තිස් දහසක් විශ්ව විද්‍යාලයට ගිහින් උපාධියක් ගත්තම හිතනවා මම රැකියාවට සුදුසුකමක් ලබා ගත්තා කියලා.

උපාධිය කියන්නේ රැකියාවට සුදුසුකමක් නෙමෙයි කියලා මම මීට අවුරුදු ගානකට කලින්, මේක කිව්වම මට අං තට්ටුවක් දාලා ෆේස් බුක් එකේ දැම්මා.හැබැයි අපි දැන් තේරුම් ගන්න ඕන උපාධිධාරියෙක් වුණත් මේසන් බාස් කෙනෙක් ගාව රස්සාවට ගියොත් උපාධියටද සලකන්නේ, තමන්ගේ හැකියාවටද සලකන්නේ, උපාධිය තිබ්බත්, ඉස්සරලාම දෙන්නේ වැලි අදින්න, සිමෙන්ති අදින්න, බදාම අනන්න, මේ කාරණාව අපි තේරුම් ගන්න ඕන. උපාධිය කියන්නේ අධ්‍යාපන සුදුසුකමක්, සමහර උපාධි තියෙනවා රැකියාවට සුදුසු, වෛද්‍ය, ඉංජිනේරු ඇතුළු, හැබැයි මේ ටික ඇරෙන්න බොහෝ උපාධීන් රැකියාවට සුදුසුකමක් නැති උපාධි.ඒ නිසා අපි රැකියාගත වෙන්න පුහුණුවක් අපේ දරුවන්ට ලබා දිය යුතු වෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: