hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 04, පෙ.ව. 12:12



225ට සමස්තය බැන්නට, තරුණයෝ ඉල්ලන්නේ බැනුම නෙමෙයි, බනිනවාට වඩා වැරැද්ද නිවැරදි කර ගන්න ක්‍රමය කොහොමද කියන එකයි  තාරුණ්‍ය හොයන්නේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසුවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන ජයගමු ශ්‍රී ලංකා දිපව්‍යාප්ත ජනතා ජංගම සේවා වැඩසටහනේ සමාරම්භක වැඩසටහනට සමගාමීව  ක්‍රියාත්මක කළ ස්මාර්ට් යූත් ක්ලබ් (SMART YOUTH CLUB) වැඩසටහනේ සමාරම්භය අමතමින්.

මෙහිදී විදේශ රැකියා සඳහා වෘත්තීය පුහුණු අවස්ථා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටන්, ශ්‍රම බලකායේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරන ගරු සරු වැඩසටහන්ද  පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා,

භෞතික විද්‍යාවේ තියෙන දෙයක් තමයි, ගුවන් යානයක් ගුවන් ගත කරනවා නම්, එහි දිගට හා සාපේක්ෂව තටු දෙකකුත් පළලට තියෙන්න ඕන, මී මැස්සාගේ තව විශේෂ සතෙක් ඉන්නවා බම්බල් බී කියලා, ඒ බම්බල් බීගේ තටු දෙක ගොඩක් පුංචියි.ඒ තටු වටිල් මේ ශරීරය උස්සන්න පුලුවන්ද කියලා හිතෙනවා.සමහරුන්ට හිතෙන්න පුලුවන් මගේ අම්මා දුප්පත්, මගේ තාත්තා ඉගෙන ගෙන නෑ, ඒ නිසා මට ඉස්සරහට යන්න බෑ, වුවමනාව තියෙනවා නම්, වෙනස් කරන්න ඕනකම තියෙනවා නම් අපිට වෙනස් කරන්න පුලුවන්, රාමුව, කොටුව බිඳින්න තමයි දැන් වුවමනා කරන්නේ, පරණ පරම්පරාව, ගුරුවරයෝ කියලා දියපු දේවල් වලට එහා ගිහින් හිතන්නේ නැතිව අපිට කවුරු හරි කියන දේ අහගෙන අපි රැළි වලට යනවා, මාධ්‍ය වලින් රැල්ලක් හැදුවොත් ඒ රැල්ලේ අපි යනවා, කාට හරි සල්ලි ටිකක් හොයා ගන්න, දේශපාලන ව්‍යාපාරයක් කර ග්න කවුරු හරි ෆේස් බුක් රැල්ලක් හැදුවොත් ඒ රැල්ල දිගේ අපි යනවා.

හැබැයි අපි හිතලා හරි දේ මොකක්ද කියලා කල්පනා කරන්නේ නෑ, අපේ සීයලත් අහුවුණා, අපේ මුත්තලත් අහු වුණා, අපේ තාත්තලා, අම්මලත් අහුවුණා, අද අපි ආයෙත් එහෙම අහුවෙනවා විටින් විට, විවිධ වෙලාවට, අහුවෙච්ච දේවල් ගැන කථා කලොත් කෙළවරක් නෑනේ, අපි 56 ඉඳලම අහුවුණානේ, ඊට පස්සේ 3.50 පාන් ගෙඩියට, 500 පොහොර මල්ලට, නිකං පොහොර දෙනවා කිව්වම, ඇට 08 ට, හදෙන් හාල් ගේනවා කිව්වම, හැම පක්ෂයම මෙහෙම දේවල් කිව්වම අපි අහුවුණා.ඒ විතරක් නෙමෙයි අපි දොලුකන්දේ, දෙයියෙක් මතු වුණා කිව්වමත් අපි අහුවුණා, ඒ විතරක්ද මේ එස්.එම් රංජිත් මහත්තයා කිව්වොත් මම දැන් බුදු වෙලා වගේ, මට දැන් පොඩි බලයක් තියෙනවා කිව්වොත්, වදින් නැද්ද තමුන්නාන්සේලා, වැන්දේ නැද්ද ගුවන්තොටුපලේ ඉඳන් එනකල් මේ ලඟදී බුද්ධා කෙනෙකුට, තව කළුතරත් වැන්දේ නැද්ද තවත් කෙනෙකුට, ඒක තමයි තියෙන වැරැද්ද, ධාතූ තියනවා කියලා කරඩුවක් ඇතුලේ අහුවුණේ නැද්ද‍, අහුවුණා, ගිහින් වැන්දා, වඳ කොත්තු තියෙනවා කිව්වම අහු වුණේ නැද්ද අපි, යට ඇඳුම් වලින් වඳ වෙනවා කිව්වම මුස්ලිම් රෙදි කඩ වලින් ඇඳුමක් ගත්තේ නෑ, යට ඇඳුම් ඇන්දෙත් නෑ , ඒ දවස් වල කාන්තාවෝ, නෑ නෑ, ඇන්දා, මුස්ලිම් කඩවලින් අරගෙන ඇන්දේ නෑ, හදන මත වලට භය වෙනවා, එතනින් එහාට හිතන්න කල්පනා කරන්නේ නෑ, මේක බොරුද ඇත්තද කියලා හිතන්න බෑ, එහෙම පරම්පරාවෙන් පරම්පරාවට අපි අහු වුණා,

20 ඉඳන් 30 ට අංක කීයද? දුමින්ද දිසානායක මහත්තයා කියන්නකෝ 20 ඉඳන් 30 ට අංක කීයද? යැයි විමසුවා.

එහිදී දුමින්ද දිසානායක මහතා “මං හිතන්නේ 11 යි “ යැයි පැවසුවා.

20 ඉඳන් 30 ට අංක 11 යි, එක පාරට අපිට ඒක ඔලුවට එනවාද, හැබැයි අපි කියන්නේ 10 යි කියලා, අපිට අමතක වෙනවා, බින්දුව, අපි තරුණයෙක්ගෙන් ඇහුවොත් කොහෙටද යන්නේ කියලා. එයාලට ඉලක්කයක්, අරමුණක් නෑ, ඒක ලොකුවෙන්න ඕන නෑ, ජනාධිපති හීන හදාගන්න ඕන නෑ, එහෙම හීන හදා ගන්නත් පුලුවන්, හැබැයි තමන් යන්නේ කොතන්ටද, ඒ වෙනුවෙන් කටයුතු කරන්න. දියුණුවක් වෙන්නේ නැති වෙන කොට 225 තමා මේ සේරම කරලා තියෙන්නේ කියලා හිතනවා.225 න් එක්කෙනක් ඉන්නවා, දුමින්ද පොඩ්ඩක් කියන්නකෝ…

දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන් අදහස් දක්වමින් එහිදී කියා සිටියේ.

මං හිතන්නේ 225 ට බනින එක බොහෝම ජනප්‍රියයි, තරුණ පරපුර අපි දන්නවා, වර්ථමානයේ ඉන්න දෙමාපියන්ට වඩා, අපේ ආච්චිලා, සීයලාට වඩා, අලුතෙන් හිතන, වෙනස්ව හිතන කණ්ඩායමක්. 225 ට සමස්ථය බැන්නට, තරුණයෝ ඉල්ලන්නේ ඒකනෙමෙයි.බැනුම නෙමෙයි ඉල්ලන්නේ,බනින එකට වඩා වැරැද්ද නිවැරදි කර ගන්න ක්‍රමය කොහොමද කියන එකයි හොයන්නේ.හැමදාම බැන බැන ඉන්නවාට වඩා, අඩුපාඩු කථා කරනවාට වඩා මගෙන් පටන් ගන්නේ කොහොමද? රටේ අනාගතය සුභවාදී කරන්නේ කොහොමද ? කියන කාරණාවට තරුණ පරපුර තීරණය කරලා තියෙනවා යනුවෙනුයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: