hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 මාර්තු 23, ප.ව. 6:37



ජනතාවගේ මතය දැන ගැනීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් විවිධ ආකාරයේ සමීක්ෂණ කරවා ගැනීමට සමීක්ෂණ ආයතනවලට රුපියල් කෝටි දාහකට වැඩි මුදලක් පසුගිය කාලයේදී ගෙවා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

එම ආරංචි මාර්ග වලට අනුව දැනටමත් ඇතැම් සමීක්ෂණ ආයතන සිය සමීක්ෂණ වාර්තා ඒ ඒ දේශපාලන පක්ෂවලට ඉදිරිපත් කර ඇත.

ඒවා ඇතැම් දේශපාලන පක්ෂ නායකයන් කාලාන්තරයක් තිස්සේ සමීක්ෂණ කරවා ගන්නා ආයතන බවත්, ඔවුන් නැවතත් සමීක්ෂණ කටයුතු සඳහා බාරදී ඇත්තේ ඔවුන්ටම බවත් සඳහන්.

ජනමතය අනුව ඉදිරි දේශපාලන කටයුතු සැලසුම් කිරීම මෙම සමීක්ෂණවල අරමුණ බව දේශපාලන පක්ෂ නියෝජිතයෝ පිරිසක් සඳහන් කර ඇති බවත්, එසේම තමන්ට වාසි සහගත සමීක්ෂණ වාර්තා මැතිවරණ වේදිකාවලදී ඉදිරිපත් දේශපාලන වශයෙන් වාසි ලබා ගැනීමද එහි තවත් අරමුණක් බවත් ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කරනවා.