hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 27, ප.ව. 4:41



මැතිවරණයක් අභිමුඛව සිටිමින් ලංකාවේ මැතිවරණ ඉතිහාසය හා රා අවුස්සන්නට වීම සිනහ උපදවනසුළු කාරණයක් වුවද තවමත් අප හමුවේ ඇති ගැටලුවක් වන්නේ ජනතා පරමාධිපත්‍යයේ එක් අංගයක් වන නිදහස් මැතිවරණ යන ප්‍රබල අවිය සම්බන්ධයෙන් ජනතාවට ඇති සීමා සහිත අවකාශයයි.

ඡන්දය යනු පුරවැසියන් වන අපට ඇති බරම අවියකි.

දේශපාලන සටන් බිම තුළ යුද වදින සුර අසුර සෙන්පතියන්ගෙන් සුරයන් පත් කොට රජ පුටුවල තබන්නට ජනතාව නම් සේනාවට ඇති අවිය කතිරයයි.

එය පරම වූත් අත්හළ නොහැකි වූත් අයිතියක් බවට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබේ.

ඒ අනුව බලන විට ඡන්දය ප්‍රකාශ කිරීම වනාහි ව්‍යවස්ථාවේ උපරිමය ඉටු කරනවා ද?

මේ සම්බන්ධයෙන් Next Democrates කණ්ඩායම මැතිවරණයට පෙර ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයක් වෙනුවෙන් සැමට ඡන්දය – ඒක අපේ අයිතිය තේමා කොටගත් වැඩපිළිවෙලේ වට මේස සාකච්ඡාමය වැඩසටහන පසුගිය 6වැනිදා රේණුකා සිටි හෝටලයේදී පැවැත්විණ.

මෙහිදී තැපැල් ඡන්ද ක්‍රමය, පූර්ව මැතිවරණ ක්‍රමය සහ වෙනත් මැතිවරණ ක්‍රමවේදයන් ශ්‍රී ලංකාවේ අනාගතයට බලපාන්නේ කෙසේද? යන්න පිළිබඳව සාකච්ඡා කෙරිණ.

මෙම අවස්ථාවට මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක, පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, ඩී. එම්. දිසානායක, ජාත්‍යන්තර මැතිවරණ ක්‍රමවේද පදනමේ ( IFES) ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ සිලිජා පාසිලින්නා සහ අනෝෂිතා සිවාෂ්කරන්,කැෆේ සංවිධානයේ හරේන්ද්‍ර ආර් බණ්ඩාර, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ (CMEV) ඒ. එම්. එන් වික්ටර්, ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ එම් රාජරාම්, නීති ශිෂ්‍ය එකමුතුවේ සාමාජික බිනර ඇන්තනී, නීතිඥ ලුවී ගනේෂදාසන් , තරංග විජේවීර – ලිබරල් තරුණ ව්‍යාපාරය, වෙරිට් රිසර්ච් ආයතනයේ තාෂා ගුණවර්ධන, ශ්‍රමාභිමාණී කේන්ද්‍රය නියෝජනය කරමින් සුගත් රාජපක්ෂ, ලිබරල් සහෝදරත්වය සංවිධානයේ සහන් වීරතුංග, දාබිදු කෙලෙක්ටිව් නියෝජනය කරමින් චමිලා තුෂාරි යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IRI ආයතනය නියෝජනය කරමින් එහි නියෝජිත පිරිසක්ද මෙම ව්‍යාපෘතිය හා එක් විය.