hit counter

2024 සැප්‍තැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:04



ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල පිට වන අවස්ථාවේදී සමූහ වශයෙන් එක් වී ප්‍රසිද්ධ ස්ථානවල ඡන්ද ප්‍රතිඵල ඇසීම හෝ නැරැඹීම හෝ රතිඤ්ඤා දැල්වීම නීතියෙන් තහනම් බවත් එසේ කටයුතු කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්.ඒ. රත්නායක පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් හෙතෙම තව දුරටත් පැවසුවේ, විශාල තිර යොදා ගනිමින් මත්පැන් සාද පවත්වමින් එවැනි කටයුතු සංවිධානය කරන බවට වාර්තා වන අතර එවැනි ක්‍රියා නැවැත්වීමට කටයුතු කරන ලෙස ය.

වෙනත් මැතිවරණවලට සාපේක්ෂව නීති උල්ලංඝණය කිරීමේ අවම තත්ත්වයෙන් මෙවර දැකිය හැකි අතර නව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ කාර්ය සාර්ථකව අවසන් කිරීමට අවසන් මොහොත දක්වා සහාය ලබාදෙන ලෙසත් සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

මෙහිදී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මැතිවරණවලට අදාළ නීතිරීතිවලට අනුව කටයුතු කිරීම කාගේත් වගකීමක් බවත් යම් හෙයකින් එම නීති කඩකරන්නන්ට එරෙහිව ක්‍රියාත්මක වන බවත් සඳහන් කළේ ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: