hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 02, ප.ව. 6:40



සුනාමියේ පළමු රැල්ල ඉකුත් 9 වැනිදා පැමිණි බවත් එළඹෙන 9 වැනිදා එහි දෙවැනි රැල්ල පැමිණීමට නියමිත බවත් ෆීල්ඩ් මාෂල් සරත් ‌‌ෆොන්සේකා මහතා පැවසුවා.

අනිවාර්යයෙන්ම දෙවැනි රැල්ල පැමිණීමෙන් පසු පාලකයන්ට යන්න තැන සොයා ගැනීමට සිදු වන බවද ෆොන්සේකා මහතා සඳහන් කළා.

ඒ අරගලයේ නියතු රතිඳු සේනාරත්න (රැට්ටා), ගයාන් මංජුල ඇතුලු නායකයින්ව අත්අඩංගුවට ගත් පිරිස හමුවීමට කොල්ලුපිටිය පොලිස් මූලස්ථානයට ගිය අවස්ථාවේදීයි.

ඒ මහතා පෙන්වා දුන්නේ සර්ව පාක්ෂික ආණ්ඩු නිර්මාණය කරන්නේ නම් අගමැති ධූරය සමගි ජන බලවේගයට ලබා දිය යුතුව තිබූ බවයි.

මේ දිනවල ක්‍රියාත්මක වන මර්දනකාරී ක්‍රියා පිළිවෙත තමා ඉතා පිළිකුලෙන් යුතුව හෙලා දකින බව ද ඒ මහතා සඳහන් කළා.

“අපි ඇත්තටම මේ මර්දනකාරී ක්‍රියාපිළිවෙත ඉතා පිළිකුලෙන් හෙළාදකිනවා. හොර පාරෙන් ජනාධිපති පුටුවට ආපු වර්තමාන ජනාධිපති, එයා මේ දවස්වල මේ රටේ ජනතාව පෙළන්න, අත් අඩංගුවට ගන්න, හිරගෙවල්වල දාන්න කටයුතු කරමින් ඉන්නවා. මේ පාලකයින් හිතුමතේට ගන්න තීන්දු නිසා නීතියේ ආරක්ෂාවට ඉන්න නිලධාරීන් පවා අපහසුතාවට පත්වෙනවා. අරගලය මර්දනය කරන්න හිතනවා නම් මේ විදියට, ඒක වෙන්න අපිත් ඉඩතියන්නෙ නෑ. මේ 09 වෙනිදා තරුණයො පෙළසැදෙමින් හිටියා, ඒක නවත්තන්න දරණ උත්සාහයක් හැටියටයි අපි මේක දකින්නෙ. සුනාමියෙ පළවෙනි රැල්ල තමයි ඉස්සෙල්ලා ආවෙ ගිය මාසෙ 09 වෙනිදා. දෙවැනි රැල්ල තාම මග එනවා. ඒක මේ විදියට මර්දනය කරලා නවත්තන්න පුළුවන් කියලා හිතුවොත් ඒක වැරදීමක්. අනිවාර්යයෙන්ම දෙවැනි රැල්ල ඒවි, එතකොට මේ පාලකයින්ට යන්න තැන් හොයාගන්න වේවි”