hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 25, පෙ.ව. 9:14



ළමා අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් සෙවීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් අද (25) දිනයේදී විශේෂ සාකච්ජාවකට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට කැඳවා තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළේ, මේ සාකච්ඡාවෙන් අනතුරුව ළමා අපයෝජන සිදුවීම් පිළිබඳව කඩිනමින් විසඳුම් ලබා ගැනීම සඳහා කමිටුවක් පත් කිරීමට ද සැලසුම් කොට ඇති බවයි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමයින් සම්බන්ධ සිදුවීම්වලදී නිද්‍රාශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට ද ඇමැතිවරිය චෝදනා කළා.

පවතින ප්‍රවණතා හමුවේ එම අධිකාරිය තම නිද්‍රාශීලී ප්‍රතිපත්තියෙන් අවදි වී කාර්යක්ෂමව කටයුතු කළ යුතුව ඇතැයි ද ඇය පැවසුවා.

එමෙන් ම, යම් නිලධාරියෙකුට ළමයින් සම්බන්ධ කරුණුවලදී කාර්යක්ෂමව කටයුතු කළ නොහැකි නම් රැකියාව අතහැර ගෙදර යා හැකි යැයි ද ඇමතිවරිය අවධාරණය කළා.