hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 මැයි 13, පෙ.ව. 11:53



එකඟතා හතරකට යටත්ව සමගි ජනබල සන්ධානයේ මූලිකත්වයෙන් අනිකුත් පක්ෂ සමග එක්ව කෙටිකාලීන ආණ්ඩුවක් පිහිටුවීමටත් අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමටත් තීරණය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (12) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබුණා.

ඊට පිළිතුරු සපයමින් ජනාධිපතිවරයා විපක්ෂ නායකවරයා වෙත ලිපියක් යවා තිබෙනවා.

අදාළ ලිපියේ දැක්වෙන්නේ, අගමැති ධූරයේ වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබූ තත්ත්වයක් තුළ පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙක් පක්ෂ නායකයින් සමග ද සාකච්ඡා කර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් කිරීමට ගනු ලැබූ තීරණය වෙනස් කළ නොහැකි බව යි.

එසේ වුව ද පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදයට විසඳුම් සෙවීම ජාතික අවශ්‍යතාවක් ලෙසට සලකා සමගි ජන බලවේගය පක්ෂයේ යම් පිරිසක් ඉදිරියේදී පත් කිරීමට නියමිත නව අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් කිරීමට එකග වන්නේ නම්, ඒ සම්බන්ධයෙන් නොපමාව තමා දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසට ද ජනාධිපතිවරයා එහි සඳහන් කර තිබෙනවා.

රට බරපතළ දේශපාලන සහ ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීම ද බොහෝ කල් දැමීමට නොහැකි බැවින් විපක්ෂ නායකවරයාගේ කඩිනම් ප්‍රතිචාරය අගය කරන බව ජනාධිපතිවරයා යොමු කළ ලිපියේ වැඩිදුරට ත් සඳහන් කර තිබෙනවා.

අදාළ ලිපිය පහතින්,