hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 14, පෙ.ව. 7:17



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය මහතාට විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

එම දැනුම් දීම මගින් සඳහන් කර ඇත්තේ විදේශගතව නොයිද යළි ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසයි.

හිටපු ජනාධිපතිවරයා ජුලි 09වැනිදා සිට මාසයකට අධික කාලයක් සිටින්නේ විදේශගතවයි.

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේදී ඉන් පිට වූ හිටපු ජනාධිපතිවරයා මාලදිවයින, සිංගප්පූරුව වැනි රටවල සිට මේ වන විට තායිලන්තයට පැමිණ තිබෙනවා.

එහෙත් වෙනත් රටවල ජීවත් නොවී මව් රටට පැමිණෙන ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මෙතෙක් නිශ්චිත පිළිතුරක් ලැබී නැතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

හිටපු ජනාධිපතිවරයාට ශ්‍රී ලංකාවේ ජීවත් වීම සඳහා කිසිදු අනාරක්ෂිත බවක් නොමැති බවද ආරක්ෂක අංශ මේ වන විට තහවුරු කර තිබෙව බව වාර්තා වනවා.

කෝට්ටේ කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක හිමියන් බැහැ දැකීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගිය අවස්ථාවේදී මහාචාර්ය කෝටපිටියේ රාහුල හිමියන්ද හිටපු ජනාධිපතිවරයා ගැන විමසා තිබෙනවා.

“ගෝඨාභය ජනාධිපතිතුමාට ලංකාවට ඇවිත් නිදහසේ ඉන්න අවස්ථාව හදලා දෙන්න.’’ උන්වහන්සේ ඉල්ලා සිටි අවස්ථාව්දී ජනාධිපතිවරයා කිසිවක් ප්‍රකාශ කර තිබුණේ නැත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: