hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 10, ප.ව. 12:27



සිංගප්පුරුවේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (11) දිනයේ දී තායිලන්තයට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රොයිටර්ස් පුවත් සේවය පැවසුවේ, සිංගප්පුරු විදේශ අමාත්‍යාංශය විසින් හිටපු ජනාධිපතිවරයා හට පෞද්ගලික සංචාරයක් සඳහා නගර ප්‍රාන්තයට ඇතුල්වීමට අවසර හිමිව ඇති බවයි.

ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය සඳහන් කර ඇත්තේ රාජපක්ෂ මහතා, තාවකාලිව එරට කෙටි කාලයක් රැඳී සිටීමට කටයුතු කරනු ඇති බවයි.

පසුගිය ජූලි මස 14 වැනි දින හිටපු ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉවත්වීමත් සමග සිංගප්පුරු රාජ්‍යය බලා පිටත්ව ගියා.