hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූනි 20, පෙ.ව. 3:24



ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (20) පස්වරු 5.00ට කොටුව ජනාධිපති මන්දිරයට කැඳවා තිබෙන බව වාර්තා වනවා.

රජයේ ආරංචි මාර්ග පැවසුවේ ඉන්ධන අර්බුදයත් සමග මතුව ඇති තත්වය සහ ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම විශේෂ හමුව කැඳවා ඇති බවයි.

මේ අතර යෝජිත විසි එක්වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද යන්න ප්‍රකාශ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට ආණ්ඩුවේ පිරිසක් සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම ආරංචි මාර්ග සඳහන් කළේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් පක්ෂ අතර එකඟතාවයක් තවම නොමැති නිසා පක්ෂ නායකයන්ගේ එකඟතාවය මත අවසන් තීරණයකට එළඹීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීන්දු කර ඇති බවයි.

කඩිනමින් එම පක්ෂවල සංශෝධන ඉදිරිපත් කර වහාම කැබිනට් මණ්ඩලයට අවසන් වාර්තාව ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා අදාළ කණ්ඩායම වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් මේ සතිය තුළද 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා ගණනාවක් පැවැත්වීමට නියමිතයි. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: