hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 02, පෙ.ව. 4:22



“IPL එකේ ක්‍රීඩා කරනවා සචින් ටෙන්ඩුල්කාර්ගේ පුතා. හැබැයි එයාට තාත්තා වගේ තාම ක්‍රීඩා කරන්න හම්බවෙලා නෑ. තාත්තාගේ වැඩ හොඳ උනාට හැම පුතාම එහෙම වෙන්නේ නෑ. හරි. සචින් ටෙන්ඩුල්කාර්ගේ පුතාටත් සචින් ටෙන්ඩුල්කාර් වෙන්න බෑ. ඒ නිසා අරයගේ පුතාටත් අරයා වෙන්න බෑ. තේරුණානේ කාටද කිව්වේ කියලා.”යනුවෙන් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (01) පැවති එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලිය අමතමින්. 

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“මමත් එක්කෙනෙක් ගාවට ගියානේ මෙහෙ දාලා. එයාට එහෙම තියෙන්නේ පෙරේතකම. දැක්ක ගමන්ම සෙනග දැක්කම චූන් වෙනවා. මෙහෙම කරනවා. එහෙම කරනවා. අදහසක්, ඉලක්කයක් නැහැ. අපේ තේමාව 2048 ජයගන්න. ප්‍රධාන විපක්ෂයේ අද තියෙන තේමාව මොකක්ද දන්නවද? වැඩබිමෙන් ඇරඹෙන මව්බිමේ අරගලය, නොදකින් විතරක්. මුන්ට අරගලය නැතුව කිසිම දෙයක් නැහැ. එතකොට රතු මල්ලි, රට විකුණන අරගලය, නවත්තන මැයි රැළිය. දැන් මුන්ට අරගලය කියන කෑල්ලට නැතුව වෙන කිසි දෙයක් නෑ. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ අරගලය ඔබතුමාලා ජයග්‍රහණය කරවන ඒ අභියෝගයයි කියන එක මතක තියාගන්න. IPL එකේ ක්‍රීඩා කරනවා සචින් ටෙන්ඩුල්කාර්ගේ පුතා. හැබැයි එයාට තාත්තා වගේ තාම ක්‍රීඩා කරන්න හම්බවෙලා නෑ. තාත්තාගේ වැඩ හොඳ උනාට හැම පුතාම එහෙම වෙන්නේ නෑ. හරි. සචින් ටෙන්ඩුල්කාර්ගේ පුතාටත් සචින් ටෙන්ඩුල්කාර් වෙන්න බෑ. ඒ නිසා අරයගේ පුතාටත් අරයා වෙන්න බෑ. තේරුණානේ කාටද කිව්වේ කියලා.”