2023 සැප්‍තැම්‍බර් 23, ප.ව. 12:04
පාස්කු ප්‍රහාරය කලින් සිදුවන බවට සැලවීම නිසා එදින කොච්චිකඩේ දේවස්ථානයේ පැවැති දේව මෙහෙය හිතා මතා මග හැර මග හැර ඇති බවට චෝදනා ලැබූ අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ පැවති පාස්කු ප්‍රහාරය පිළිබඳව සභාව කල් තැබීමේ පිළිබඳව සභාව කල් තැබීමේ විවාද යෙදී අදහස් නොදැක්වීම පිළිබඳව සමාජය දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.
මේ පිළිබඳව පසුගිය දා මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූ කතෝලික සභාවේ පියතුමන්ලා ද අදහස් දක්වා ඇත.
ඊට අමතරව පාර්ලිමේන්තු විවාදයට සහභාගී නොවීම පිළිබඳව විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ද අදහස් දක්වා තිබුණා.
එහෙත් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මේ දිනවල ඔහුට සිදුකල ශල්‍ය කර්මයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීම සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.
ජනාධිපති කාර්යාලයේ විශේෂ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අමාත්‍යවරයා මේ පිළිබඳව ජනාධිපතිවරයා ද දැනුවත් කර ඇති බවයි.
එම නිසා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුවට ගොස් සිටින නිසා හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට සහභාගි නොවූ බවයි වාර්තා වන්නේ.
2023 දෙසැම්‍බර් 07, පෙ.ව. 11:25
2023 දෙසැම්‍බර් 07, පෙ.ව. 7:03
2023 දෙසැම්‍බර් 06, ප.ව. 1:51
2023 දෙසැම්‍බර් 06, පෙ.ව. 10:02
2023 දෙසැම්‍බර් 06, පෙ.ව. 9:04