hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 02, ප.ව. 4:25



අරගලයේ නිරත අවංක අරගලකරුවන් විශාල කණ්ඩායමක් තමා මුණ ගැසුණු බවත් ඔවුන්ව තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මුණ ගැස්වීමට කටයුතු සූදානම් කරමින් සිටින බවත් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

ඒ ඊයේ (01) හිරු බලය වැඩසටහනට එක්වෙමින්.

තමා මුණ ගැසූ කණ්ඩායමේ බොහෝ හොඳ යෝජනා පවතින බවත් එම කණ්ඩායම ජනාධිපති ලේකම් කාර්යාලයේ වැඩ සඳහා යොදා ගන්නා ලෙස තමන් යෝජනාවක් ද සිදු කරන බව අමාත්‍යවරයා පවසා සිටියා.

රට යථා තත්වයට පත් වීමත් සමඟ අරගලයේ නියුතු තරුණ තරුණියන් තනි වන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත් වන්නේත් තමාත් මෙලෙස සිටින්නේ අරගලයට පින් සිද්ධ වීමට බවද හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර අද දිනයේ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු වූ සමන් රත්නප්‍රිය මහතා, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කර තිබෙනවා.

ඔහුද මෙම අරගලයේ නිරත සාමාජිකයෙකු වීම විශේෂත්වයක්.