hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 මැයි 12, ප.ව. 9:43



සජිත් ප්‍රේමදාස මහතා හෝ අනුර කුමාර දිසානායක මහතා අගමැති ධූරය භාරගෙන කටයුතු සිදු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසනවා.

රාජපක්ෂවරුන් එළවීමට ප්‍රථමයෙන් කටයුතු කළේ තමන් බවද ඒ මහතා පවසනවා.

විදුලි අර්බුධය, ඉන්ධන අර්බුධය, ගෑස් අර්බුධය නිසා ලබන සතිය වන විට රට විශාල අර්බුධ ගණනාවකට යාමට ඉඩ තිබෙන බවද ඒ මහතා සඳහන් කරනවා.

ලංකාවේ සිටින දක්ෂම 20 දෙන එකතු කොට කැබිනට් මණ්ඩලයක් සාදා ගැනීමට නොහැකි නම් එය ගැටළුවක් බවද අවධාරණය කරනවා.

තමන් සමගි ජන බලවේගයෙන් ඉවත් වූයේ යැයි සමාජ මාධ්‍යවල පළවන වාර්තා අසත්‍ය බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියා.