hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 මැයි 25, ප.ව. 12:17



අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊලඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානමින් පසුවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඉදිරි ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂ සහ හරීන් ප්‍රනාන්දු ජනාධිපති ධූර අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වීමට සැලසුමක් තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳ පළමු වරට හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා අදහස් පළ කර තිබුණේ යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය.

සටන නාමල් එක්ක

එහිදී ඔහු සඳහන් කළේ දේශපාලන අනාගතයේදී නාමල් රාජපක්ෂ සහ තමා එක තැනකට එන බවට විශ්වාසයක් තිබෙන බවයි.

ජනාධිපති අපේක්ෂකයා වුවහොත් අභියෝගය තිබෙන්නේ නාමල් රාජපක්ෂ මහතා සමඟ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

දේශපාලන ගමනේදී අනාගතයේදී නාමල් රාජපක්ෂ මහතාට විරුද්ධව සිටින්නේ තමා බවයි හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සදහන් කළේ.

කැම්පේන් එක ඕස්ට්‍රේලියාවෙන්

නාමල් රාජපක්ෂ මහතා සමඟ තරහා වීමට හේතුවක් නැතැයිද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සිය ජනාධිපති සිහිනය වෙනුවෙන් ප්‍රචාරක කටයුතු ද ආරම්භ කර ඇත්තේ මීට මාස කිහිපයකට පෙර සිටයි.

එහි පළමු පියවර වශයෙන් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පසුගිය අප්‍රේල් මාසයේ 07 වැනිදා සිය මන්ත්‍රී වැටුප වසරක කාලයක් අත්හැරීමට කටයුතු කිරීමයි.

එය නිල වශයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ලිපියක් මගින් දන්වා තිබුණා.

අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ ජනපති සිහින ප්‍රචාරක වැඩපිළිවෙලට මුදල් යොදවන්නේ ඕස්ට්‍රේලියාවේ සිටින කෝටිපතියෙකු බවයි.