hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 අගෝස්‍තු 02, ප.ව. 4:05



සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි සතිය තුළ තීන්දුවක් ලබා නොගතහොත් සමගි ජන බලවේගයේ කණ්ඩායමක් අනිවාර්යයෙන්ම එම පක්ෂයෙන් ඉවත් වී ආණ්ඩුවට එකතු බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

ඒ ඊයේ (01) හිරු බලය වැඩසටහනට එක්වෙමින්.

ජේෂ්ඨයන්, නව පරපුරේ කිහිපදෙනක් සහ මැද තම වයසේ කිහිපදෙනෙකු එලෙස පක්ෂයෙන් ඉවත් වීමට සූදානම් බවද අමාත්‍යවරයා සඳහන් කළා.

සමගී ජන බලවේගය දෙකඩ වීමට තමා අකමැති බවත් තමා තවමත් සමගි ජන බලවේගයේ කොටසක්කරුවෙකු බවත් ප්‍රනාන්දු මහතා අවධාරණය කළා.

යම්කිසි දවසක සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට එකතු කරන පුද්ගලයා තමන් බවද එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.