hit counter

2024 මැයි මස 08 වන බදාදා

2022 මැයි 18, ප.ව. 12:45



බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී මැයි 9 වනදා ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

ඔහුට සිදු වූ හානිය මෙන්ම අනිත් අමාත්‍යවරුන්ට සිදු වූ හානිය පිළිබඳවද අදහස් දක්වා සිටියා.

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ කතාවෙන් පසු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් සඳහන් කළේ දිවයින පුරා ඇති ප්‍රචණ්ඩත්වය හේතුවෙන් නිවාස හා දේපළ අහිමිවූ මන්ත්‍රීවරුන් වෙනුවෙන් තමන් සමාව ඉල්ලා සිටින බවයි.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“මම බොහෝම සංවේදී වෙනවා බන්දුල ගුණවර්ධන ගැන. අපි එතුමා සමග විරුද්ධ දේශපාලන මතවාදයක හිටියත් මේ රටේ දරුවන්ට විශාල වශයෙන් උගන්වලා තියෙනවා. මමත් පංති ඇවිත් තියෙනවා කාලෙක. ඒ වගේම ගාමිණී ලොකුගේ මැතිතුමා ගැන කියන්න ඕන. මගේ කසාදයට අත්සන් කළෙත් එතුමා විජමු ලොකු බණ්ඩාර මැතිතුමත් සමග. මගේ පියාගේ හොඳ යාලුවෙක්. මම දන්න විදිහට එතුමට අදින්න ටී ෂර්ට් එකක්වත් ඉතිරි වුණේ නෑ. මම ඉල්ලීමක් කරනවා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් මේ වෙච්ච දේ මම නම් කිසිවිටකත් අනුමත කරන්නේ නෑ. ගෝල්ෆේස් එකට ගිය නැති මන්ත්‍රිවරුන්ගේ ගෙවල්වලටත් ගිනි තැබුවා. අර මන්ත්‍රීවරයා මිලේඡ්ඡ විදිහට ඝාතනය කළා නම් නැවත මේ රටේ වෛරයක් පැතිරෙන්නට ඉඩක් තියෙනවා. මේ තියෙන දුක වේදනාව වෛරයකට පෙරලුනොත් රට නැවත ලේ විලක් වෙයි කියලා අදහස තියෙනවා. අපි මේකෙදී එකතු වෙමු බෙදෙන්න උවමානයක් නෑ. මම රටින් ඔබතුමාලා වෙනුවෙන් සමාව ඉල්ලනවා. ඒ දුක විශේෂයෙන්ම ඉගෙන ගන්න දරුවන්ට වෙච්ච දේ ගැන. ඉතාම ඉක්මනින් මේ ගෝල්ෆේස් අරගලයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරත් සමබ්න්ධයක් ඇති කරලා මේ විනාශය නැවත වරක් නොවෙන්නට කටයුතු කරමු.”