hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 ජනවාරි 11, පෙ.ව. 5:56



බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ සිද්ධියේ කලා අධ්‍යක්ෂණය සිදු කර තිබෙන්නේ බොන මිනිහෙක් නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළා.

ඒ ඒෂියන් මිරර් “විසඳුම” වැඩසටහන එක්වෙමින්.

එහිදී ඇය මෙසේ ද අදහස් දක්වා සිටියා,

“මට නම් ලොකු සැකයක් තියෙනවා ඒ මුළු සිද්ධිය පිළිබඳ. මේ කාලය තුල රාජ්‍ය විශ්ව විද්‍යාලවල ප්‍රතිරූපයට හානියක් කරන්න විවිධ මෙහෙයුම් වෙනවා. ඉතින් ඒ නිසා ඕකේ ඇත්ත නැත්ත මොකක්ද කියන එක ගැන මං හිතන්නේ අපි හරියට හොයන්න ඕනේ. එකක් මම කියන්නේ විශ්ව විද්‍යාලවල ඉන්න ළමයි නෙවෙයි. ඒගොල්ලෝ අවුරුදු විසි එක, විසි දෙක පාසල් ළමයි නෙවෙයි. ඒගොල්ලෝ වැඩිහිටියන්. වැඩිහිටියන් වුනාම ඒගොල්ලෝ ගන්න ඒ ඒගොල්ලෝ සහ ආචාර්යවරුන් අතර තියෙන්නේ පාසල්, පාසලක තියෙන සම්බන්ධතාවය නෙවෙයි. අපි ගිහිල්ලා ඒගොල්ලන්ගේ බෑග් චෙක් කර කර ඕගොල්ලෝ බොනවද?, සිගරට් බොනවද?, අරක කරනවද?, මේවා කරනවද කියලා පාලනය කරන්න බැහැ. මේ වැඩිහිටියෝ. හරි. ඉතින් වැඩිහිටියෝ, තරුණ, තරුණියන් වුනහම සමාජය පිළිගන්න දේවලුත් සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. නමුත් මම නම් මගේ අත්දැකීම තුළින් ඔහොම සිද්ධීන් මගේ අවුරුදු එක, එකොළහ තුල එහෙම දැකලා නැහැ.”