hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 මැයි 18, ප.ව. 2:13



ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අද ලංකාවට ණය ගෙවීමට නොහැකි තත්වයකට පත් වූ බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද (18) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළා.

ඉදිරි මාස 12ට ඩොලර් බිලියන 5.5ක මුදලක් ණය ගෙවීමට තිබෙන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළේ අගමැතිවරයාගේ වැඩපිළිවෙල කුමක්ද යන්නයි.

අගමැතිවරයාගේ කකුලෙන් අදින්න සූදානම් නැති බවයි හර්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේ.

කමිටු හරහා සම්පූර්ණ සහයෝගය ලබා දෙන බවටත් ඒ තීරණයේ කිසි වෙනසක් නොමැති බවටත් මන්ත්‍රීවරයා අගමැතිවරයාට සහතිකයක් ලබා දුන්නා.

ඉන් අනතුරුව පිළිතුරු දුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ලබන සතියේ සම්පූර්ණ වාර්තාවක් සකස් කරන බවත් ඇත්ත තත්වය ඇතැම් දේවල්වල තොරතුරු නොමැති වීමත් තොරතුරු වැරදි වීමත් නිසා ඒ පිළිබඳ සොයා බැලිය යුතු බවයි.

දැන් ණය බිලියන 10ක් වුවත් බිලියන 1 වුවත් ණය ගෙවීමට මිලියන 1වත් නොමැති බවයි අගමැතිවරයා පෙන්වා දුන්නේ.

දේශපාලන වැඩපිළිවෙල ගැනද පාර්ලිමේන්තුව දැනුවත් කරන බවද ඒ මහතා පෙන්වා දුන්නා.

අවශ්‍ය තොරතුරු ලබාදීමට හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ඇතුළු විපක්ෂයට කැමැත්තෙන් පසුවන බව කියා සිටි අගමැතිවරයා හෙට හෝ සඳුදා දිනයේදී ඒ සඳහා වේලාවක් වෙන් කර දීමට හැකි බවත් සඳහන් කළා.