hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මැයි 09, ප.ව. 1:17



රජය කුමක් කිව්වත් ආණ්ඩුව ප්‍රතිත්‍රස්ත පනත ඉවත් කර ගත්තේ නැතිනම් ලංකාවට කිසිසේත්ම ජීඑස්පී ප්ලස් සහනය නැවත ලබන්නේ නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

යුරෝපා සංගමය විසින් ලබාදී තිබෙන ජී.එස්.පී සහනය මේ වන විට අවසන් වී තිබෙන අතර ලංකාව ඇතුළු  ආසියාවේ රටවල් හයකට නැවතත් අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුව තිබෙන්නේ යැයිද හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළා.

2024 සිට 2033 දක්වා නැවත ජී.එස්.පී ලබාදෙන රටවල් පිළිබඳව යුරෝපා සංගමය තීරණයක් ගන්නා බවද ඒ සඳහා යුරෝපා සංගමයේ සම්මුති විසිහතක් තිබෙන බවද හර්ෂ ද සිල්වා මහතා සඳහන් කර සිටියා.