hit counter

2026 අගෝස්‍තු මස 10 වන සඳුදා

2023 ජූලි 01, පෙ.ව. 11:21



“ඔබතුමා දැන් කිව්වා අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට අවම වශයෙන් 9%ක වාර්ෂික ප්‍රතිලාභයක් ලැබෙනවා කියලා. අපි ඊයේ මුදල් කාරක සභාවට මේ ප්‍රශ්නය යොමු කළාම භාණ්ඩාගාර ලේකම්ට සහ අධිපතිවරයාට අධිපතිවරයා හා මුදල් මණ්ඩලය කියපු දේ තමයි මේ 9% ලැබෙන්නේ අර්ථසාධක අරමුදලට ලබා දෙන භාණ්ඩාගාර බැඳුම්කරවල පොළිය පමණයි. එතකොට ඒ පොළිය තමයි අරමුදලට යන්නේ. ඒ අරමුදලේ කොස්ට් එක අයින් වුණාට පස්සේ සාමාජිකයාට ලැබෙන ප්‍රතිලාභය මොකක්ද කියලා කියන්න බැහැ කිව්වා. ඒ නිසා කරුණාකරලා මේක පැහැදිලි කරන්න.” යනුවෙන් මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවා.

එහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කර සිටියේ මේ ප්‍රශ්නය හර්ෂ ද සිල්වා මහතා මීට පෙර යොමු කළ බවයි.

“මුදල් කාරක සභාවේදී මෙතුමා මේ කාරණය මේ ආකාරයෙන්ම මතු කළා. මේකට ඉතා පැහැදිලිවම මහ බැංකු අධිපතිවරයා විසින් පිළිතුරක් ලබා දුන්නා” යනුවෙන්ද සේමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.