hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූලි 19, පෙ.ව. 10:07



විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ජනපති සටනින් ඉවත් වීමට තීන්දු කළා.

ඔහු විසින් ජනාධිපති ධූර අපේක්ෂකත්වයට ඩලස් අලහප්පෙරුම මහතාගේ නම යෝජනා කළා.

එය ස්ථීර කළේ ජී.එල් පීරිස් මහතායි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිය ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ඉදිරිපත් කළ අතර එය යෝජනා කළේ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතායි.

එය ස්ථීර කළේ මනූෂ නානායක්කාර මහතා විසින්.

ජාතික ජන බලවේගයය සිය ජනාධිපති ධූර අපේකෂකයා ලෙස එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ නම යෝජනා කළා.

එය යෝජනා කළේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින්.

එය ස්ථීර කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය මහත්මිය විසින්.

ඒ අනුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා 03ක් ඉදිරිපත්වී තිබෙනවා.

ඒ සඳහා දැනට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ගේ නම මෙහිදී යෝජනා වුණා.

නව ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පාර්ලිමේන්තු මැතිවරණය හෙට දින පැවැත්වීමට නියමිතයි.

https://youtube.com/watch?v=ahhPwNQ2YCE