hit counter

2026 ඔක්‍තෝබර් මස 18 වන ඉරිදා

2022 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:24



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධනය සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ අනුව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දැනුම් දෙමින් කථානායකවරයා සභාවට දැනුම් දුන්නා.

ඒවා සංශෝධනය නොකරන්නේ නම් විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරයකින් සම්මත කළ යුතු බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියා.