hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 පෙබරවාරි 11, ප.ව. 3:14



ත්‍රස්ත මර්දන පනත යටතේ තමන් අත්අඩංගු ගැනීමේ සූදානමක් තිබු බව සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරනවා.

නිදහස් උත්සවයට පෙර දින කොළඹ ගාලු මුවදොර පැවති විරෝධතාවය දී පැමිණි පොලිස් නිලධාරියෙකුට ‘ඔය ගෑණිව දැන්ම අරස්ට් කරපන්’ යයි නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ලැබුන දුරකථන ඇමතුමක් හරහා තමන්ට ඒ බව පැහැදිලි වූ බවත් ඇය පැවසුවා.

නිදහස් උත්සවය රාජ්‍ය උත්සවයක් නිසා ත‍්‍රස්තවාදී කුමන්ත්‍රණයක් යයි චෝදනා කරමින් තමන් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරියාට නියෝග ලැබී තිබූ බවද ඇය පැවසුවා.

මේ වන විට තමන් යන එන තැන් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් දැඩි සෝදිසියෙන් සිටින බවද ඇය තවදුරටත් කියා සිටියා.