hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 21, පෙ.ව. 10:07



නව ජනාධිපතිවරයා පත් වීමේන් පසු අලුත් ආණ්ඩුවේ ඇමති ධූර සහ තනතුරු බෙදී යාම පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව අග්‍රාමාත්‍ය ධූරය සඳහා සිව්දෙනෙකුගේ නම් පිළිබඳ මේ වන විට අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

සියලු දේශපාලන පක්ෂ එකතුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා ඊයේ (20) යෝජනා කළා.

ඒ අනුව සියලු දෙනාගේ යෝජනා ලබාගෙන අගමැති ධුරයට මන්ත්‍රිවරයකු නම් කිරීමට නියමිතයි.

එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අගමැති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතාගේ නම යෝජනා කර තිබෙනවා.

දිනේෂ් ගුණවර්ධන මහතා අගමැති ධුරයට පත්වුවහොත් සභානායක ධුරයට නිමල් සිරිපාල ද සිල්වා හෝ සුසිල් ප්‍රේමජයන්ත යන මන්ත්‍රිවරුන්ගෙන් කෙනකු පත් කිරීමට යෝජනා වී තිබෙනවා.

ප්‍රසන්න රණතුංග මන්ත්‍රිවරයා තවදුරටත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ධුරයේ කටයුතු කරන බවයි ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කළේ.

කැබිනට් මණ්ඩලයද කඩිනමින් පත්කිරීමට නියමිත අතර ඇමැති ධුර සංඛ්‍යාව තිහකට සීමා වන බවයි එම ආරංචි මාර්ග පැවසූවේ.

රාජ්‍ය ඇමැති ධුර සංඛ්‍යාවද තිහකට සීමා කිරීමට සැලසුම් කර තිබෙනවා.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ මාධ්‍ය වෙත අදහස් පළ කළා.

ඉදිරියේ ආණ්ඩුවක් පිහිටුවීමට තමන්ගේ පාර්ශ්වයෙන් මැදිහත්වීමක් වනවා ද යන්න සම්බන්ධයෙන් එහිදී මාධ්‍යවේදියෙකු එහිදී ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් හිටපු අගමැතිවරයා මෙසේ පැවසුවා.

“නෑ අපේ එහෙම තීන්දුවක් අරගෙන නැහැ පක්ෂයේ. පක්ෂය ගන්න තීන්දුවලට මම එකඟයි. අපේ පක්ෂය ගන්න තීන්දු එක්ක තමයි මම වැඩ කරන්නේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: