hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 11:54



රට පත්ව ඇති තත්ත්වයෙන් හුස්ම ගන්න තුරු හැමෝම ඉවසිය යුතු බවත් මේ තත්ත්වය යටතේ වෙලාවේ මැතිවරණ ඉල්ලීම, ජීනීවා ගොස් චෝදනා කිරීම වැනි කාරණා සිදු නොකළ යුතු බවත් රාජ්‍ය සේවා එක්සත් වෘතීය සමිති සම්මේලනයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ලංකා රාජ්‍ය රියදුරු සංගමය වාර්ශික මහා සභා රැස්වීමට වීමට එක්ව එහි ප්‍රධාන දේශනය පවත්වමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමන් රත්නප්‍රිය මහතා,

“පොලිම්වල තිබුණු උප සංස්කෘති තිබුණා මිනිස්සු පෝලිම්වල කෑවා බිව්වා නැටුවා සින්දු කිව්වාඒක වෙනම සංස්කෘතියක් වුණා…අරගලය සාධාරණ ක්‍රියාත්මක වුණාඅපිත් ඒ අරගලයට එක්කහු වෙලා ඉදිරියෙන්ම හිටියා ..රට දැන් පත්වෙලා තියෙන තත්වෙන් ගොඩ එන්න නම් රට හුස්ම ගන්න කන් ඉන්න ඕනේ..ජිනිව ගියා කියලා තේරුමක් නැහැ..රටට තවත් ප්‍රස්න වෙනවා අපිට ලැබෙන ආධාරත් නැති වෙන්න පුළුවන්…හුස්මක් ගන්න පුළුවන් රටක් බවට පත්කරගෙන මැතිවරණවර්ණයන් පවත්වන්න අරමුණු කර ගන්න..ආර්ථික ප්‍රශ්න වලින් ගොඩ එන්න පුළුවන් රනිල්ට විතරයි…වෙන ඕනෑම දේකට ඕනේ තරම් අය ඉන්න පුළුවන් නමුත් ආර්ථිකය හදන්නයි රට ගොඩනගන්නයි මේ වෙලාවේ පුළුවන් රනිල්ට විතරයි” යනුවෙන් ප්‍රකාශ කළා.

එම වීඩියෝව පහතින්,