hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අප්‍රේල් 17, ප.ව. 2:00



නව කැබිනට් මණ්ඩලයට ඇතුළත් වීම ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් වන ජීවන් තොණ්ඩමන් මහතා විසින් ප්‍රතික්ෂේප කොට තිබෙනවා.

තොන්ඩමන් මහතාට තමන් දැරූ ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති ධූරය ලබා දීමට හිටපු ක්‍රීඩා ඇමතිවරයා වූ නාමල් රාජපක්ෂ මහතා පුද්ගලිකවම මැදිහත් වී තිබෙනවා.

සාකච්ඡා අසාර්ථකයි

ඊට අමතරව වතු යටිතල පහසුකම් හා පසු සම්පත් අමාත්‍යාංශද ලබාදීමට හැකි බවයි නාමල් රාජපක්ෂ මහතා එම පක්ෂයට දැනුම් දී තිබෙන්නේ.

එහෙත් ඒ සම්බන්ධයෙන් ඔහු හා ලංකා කම්කරු කොංග්‍රසය අතර පැවති සාකච්ඡා අසාර්ථක වී තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

ජීවන් තොණ්ඩමන් මහතාට ක්‍රීඩා ඇමැති ධූරය භාරගන්නා ලෙස නාමල් රාජපක්ෂ මහතාගෙන් පුද්ගලිකවම ඇරයුමක් ලැබුණු බව ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සංවිධායක පී.සත්තිවේල් මහතා තහවුරු කොට තිබෙනවා.

අනිකුත් මන්ත්‍රීවරයා

ජීවන් තොණ්ඩමන් මහතා එම අමාත්‍ය ධූරය භාර නො නොගන්නේනම් එම පක්ෂය නියෝජනය කරන අන් මන්ත්‍රීවරයා වන මදුරපාණ්ඩී රාමේෂ්වරන් මහතාට ලබා දීමට කැමති බව නාමල් රාජපක්ෂ මහතා සඳහන් කොට තිබෙනවා.

වතුකර ජනතාව දුක් පීඩා විදින මේ අවස්ථාවේ රජයේ අමාත්‍යධුර බාරගැනීමට නොහැකි බවයි ලංකා කම්කරු කොංග්‍රසය ස්ථාවරය වී තිබෙන්නේ.

මේ වනවිටත් එම පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී දෙපළ ස්වාධීන වී සිටින මුත් ආණ්ඩුවට යම් කාරණයක් සම්බන්ධයෙන් වචනයක් දී තිබෙනවා.

ඒ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංගදී ආණ්ඩුවට විරුද්ධව හෝ පක්ෂව ඡන්දය නොදෙන බවට.