hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූනි 16, ප.ව. 12:40



එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාව දේශපාලනයට ගෙන ආවේ තමන් බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැසුවා.

මේ වන තුරු රංගේ බණ්ඩාර මහතා තමන්ට කිසිදු අරියාදුවක් කර නොමැති බවත් කිසිම දෙයකට විරුද්ධ වී නැති බවද කියා සිටියා.

ඒ මහතා මෙම අදහස් පළ කළේ මාධ්‍යවේදීන් විසින් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේයි.

එහිදී ඒ මහතා මෙසේ ද සඳහන් කළා.

“මේ ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡාවක් ජනාධිපතිතුමත් එක්ක පක්ෂ නායකයෝ රැස්වීමක් තියලා තියෙනවා. මම දන්නේ නැහැ ඒ ගැන මොනවද වුනේ කියලා. මමත් මාධ්‍යයෙන් දැක්කේ. පක්ෂයේ රැස්වීමක් තියෙනවා හවස එකට. එතනදි මට දැනගන්න පුළුවන් වෙයි මොකක්ද සාකච්ඡා කෙරුවේ කියන එක. සදුදා සාකච්ඡාවට ඔබතුමානේ ඇහුවේ මෙතනින්. අහලා ඉවරවෙලා ගිහිල්ලා දැම්මා මං මේ ආණ්ඩුකාරතුමාගේ රැස්වීමට මේ ඉන්න හින්දා ජනාධිපතිතුමාට යන්නෑ කියලා. මම ආණ්ඩුකාරතුමා අලුතෙන් පත්වුණේ. එතකොට ඔබතුමා උදේ මගෙන් ගත්තේ. එතකොට මං ආණ්ඩුකාරතුමා කියන්නේ ඉඳලම යන්න ඕනේ මේ හේතුව පළාතට ආවේ. ආණ්ඩුකාරවරයා ඔහුත් එක්ක වැඩ කරන්න ඕනේ. ඉතින් ඔබතුමා අහලා ඉවරවෙලා ඒක හවස ගැහුවා. මං ආණ්ඩුකාරතුමාගේ රැස්වීමට මේ අ ඉන්න නිසා ජනාධිපතිතුමා ඒකට යන්නෑ කියලා.

පහුගිය සඳුදා කවුරුත් ගියේ නෑනේ. පක්ෂයෙන් කියලා තියෙන්නේ පක්ෂෙන් කරන කැඳවීම් හරහා පමණක් යන්න කියලා. ඉතින් ඒක, ඒක විතරයි පක්ෂෙන් ඉල්ලලා තිබ්බේ. ඒක ඉතාමත් හොඳ දෙයක්. නැත්නම් මේ විවිධ විවිධ පුද්ගලයෝ මේවා සම්බන්ධීකරණය කරන්න ගත්තොත් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා.

රංගේ බණ්ඩාර මහත්තයා මහලේකම්නේ එක්සත් ජාතික පක්ෂයේ. මට නම් අරියාදුවක්වත් මං නම් දැකලා නෑ තාම. එතුමා මෙහෙ හිටියේ පොලිසියේ හිටපු oic මහත්තයානේ වැල්ලව. එතුමා දේශපාලනයටත් ගෙනාවේ මම. මට නම් කිසිම දෙයක් එතුමා අද වෙනතුරු විරුද්ධව කියලා නෑ.”