hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 31, පෙ.ව. 8:37



මැතිවරණයට නොගොස් වත්මන් පාර්ලිමේන්තු තුළ නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනතා විමුක්ති පෙරමුණේ සැලසුමක් පිළිබඳ කරුණු අනාවරණය වුණා.

ඒ මේවන විට ආණ්ඩුවේ සහ විපක්ෂයේ බෙදී වෙන් වී ඇති පිරිස් එකතු කර ගනිමින් බහුතර ආණ්ඩුවක් නිර්මාණය කිරීමටයි.

ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ ආර්ථිකය ගොඩනඟමින්, රටේ සමස්ත ජනතාවට සාධාරණ ලෙස ප්‍රතිලාභ බෙදී යන ආකාරයට අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමටද ඔවුන් මේවන විටත් සැලසුම් සකස් කර අවසන්.

“අපට අපේ ආණ්ඩුවක් හදන්න ඕනෑ නම්, ජනතාව ළඟට එන්න ඕන නෑ. පාර්ලිමේන්තුවේ අනාථ වුණු කණ්ඩායම් එක්ක එකතුවෙලා අපේ ආණ්ඩුවක් හදාගෙන ඇමතිකමුත් ගන්න පුළුවන්. නමුත් අපිට ඕනෑ ජනතාවගේ ආණ්ඩුවක් හදන්න. ඒ නිසා රටත් ජනතාවත් දිනවන වැඩපිළිවෙළකට සියලු දෙනාම එකතු වෙමු කියලා අපි ආරාධනා කරනවා.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වා මහතා අවධාරණය කළා.

“පොහොට්ටුවට ඡන්දය දුන් ජනතාව පාවා දීලා, රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරන්න මහින්ද රාජපක්‍ෂට පුළුවන් නම්, ඒ වාගේ පක්‍ෂ අත්හරින්න ඒ පක්ෂවල සාමාජිකයින්ට බැරි ඇයි? තවදුරටත් ඒ පක්ෂ බදාගෙන ඉන්න එපා. කාටත් එන්න විවෘත ජාතික ජන බලවේගය වටා එකතු වෙමු. අපි කවුරුත් එකතුවී ලංකා ඉතිහාසය අලුතින් ලියමු. ඒ ගමනට එකතු වෙන්න, ධෛර්යය දෙන්න රටේම ජනතාව සූදානම්. මේක ඔබේත්, අපේත් කාලයයි. අපි ඡන්දයක් දිනාගෙන, අප කාටත් යහපත් අනාගතයක් තිබෙන සුන්දර ශ්‍රී ලංකාවක් ගොඩනඟන සටනට අපි කවුරුත් එකතු වෙමු කියලා ආරාධනා කරනවා.” යැයි ඔහු වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: