hit counter

2024 මැයි මස 15 වන බදාදා

2024 පෙබරවාරි 05, පෙ.ව. 10:06



කැබිනට් අමාත්‍යවරයෙකු රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී කැබිනට් මණ්ඩල රැස්වීමක් පැවැත්වීම ඉතිහාසයට එක්කරමින් අද පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් හමුව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ හිටපු සෞඛ්‍ය අමාත්‍ය සහ වත්මන් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බන්ධනාගාරගතව සිටින අවස්ථාවේදීය.

කැබිනට් අමාත්‍යවරයෙකු රක්ෂිත බන්ධනාගාර ගතවූ ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.

මේ අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතා 1999 වසරේ මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යවරයෙකුව සිටියදීද මාසයක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව තිබෙනවා.