hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2023 ජූලි 14, ප.ව. 3:06



සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය අවධානය යොමු කර තිබෙනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරන්නේ රට සෞඛ්‍ය පද්ධතිය දුර්වල කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ද පැමිණිල්ලක් සිදු කරන බවයි.

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.