hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 19, පෙ.ව. 10:39



රෝහලට ලක්ෂයක් ගියහොත් ඒ සියලු දෙනා නැවත යහතින් නොපැමිනෙණ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඇමැතිවරයා පෙන්වා දෙන්නේ සෑම රෝහලක් ම ඉදිරියේ මල් ශාලා ඇත්තේ ඒ නිසා බවයි.

යථාර්ථය එය බවත් කිසිවෙකුට සෞඛ්‍ය ඇමැති ධූරය ලබා ගැනීමට උවමනා නම් එය වෙනම කතාවක් බවත් කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළා.

මහනුවර රෝහලේ මිය ගිය දැරියට ලබා දුන් එන්නත 2003 වසරේ සිට ලංකාවට ගෙන එන බවත් එම එන්නත ලබා දුන් තවත් ළමුන් 12 දෙනෙකු ඒ අවස්ථාවේ ද එම දැරිය සමග වාට්ටුවේ සිටි බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළා.

ඊයේ (18) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කියා සිටියා.