hit counter

2024 මැයි මස 10 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 25, ප.ව. 1:06



මහනුවර ප්‍රදේශයේ කිසිදු රෝහලක විදුලිය විසන්ධි කර නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජෙසේකර පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන 2023 වසර සඳහා වන අයවැය කාරක සභා විවාදය අවස්ථාවේ දී යි.

රුපියල් ලක්ෂ 48ක විදුලි බිලක් නොගෙවීම හේතුවෙන්, මහනුවර ජාතික ලෝහලේ පිළිකා ඒකකයේ විදුලිය විසන්ධි කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් අද පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

එම ප්‍රකාශයට පිළිතුරක් වශයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා විසින් මෙම පිළිතුර ලබා දුන් අතර ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, එවැනි සිදුවීමක් සිදු වී ඇත්නම් තමාව වහා දැනුවත් කරන ලෙසයි.