hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අගෝස්‍තු 03, ප.ව. 4:42



ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නවසීලන්ත අධ්‍යයන චාරිකාවක සඳහා රජයේ මුදල් කිසිවක් භාවිතා නොකළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා.

මෙම අධ්‍යයන චාරිකාව වසර දෙකහමාරක පමණ කාලයක සිට රජයේ මුදල් භාවිත කිරීමකින් තොරව සංවර්ධන සහකරුවන්ගේ සහයෝගයෙන් සංවිධානය කරන ලද්දක් බවද මහ ලේකම්වරිය පෙන්වා දෙනවා.

විශේෂයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය මෙරට කාන්තාවන්ගේ සමාජ ආර්ථික සහ දේශපාලන අර්බුදයන් සඳහා  පිළියම් යෙදීම පිණිස විශාල වැඩකොටක් ඉටු කරන බවත්, එම කාර්යයන් වඩා කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් දියුණු රටවල අත්දැකීම් ලබා ගැනීම ඉවහල් වනු ඇති බවත් රෝහණදීර මහත්මිය තවදුරටත් සඳහන් කළා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් විවිධ පක්ෂ නියෝජනය කළද සංසදයේ පොදු අරමුණු වෙනුවෙන් පෙනී සිටිමින් එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නායකත්වය යටතේ සංසදයේ පොදු අරමුණු ඉටු කිරීම සඳහා කටයුතු කරන බවද මහ ලේකම්වරිය පෙන්වා දුන්නා.