hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 09, ප.ව. 3:54



රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වුයේ අරගලය නිසා බැවින් බුදුන් වහන්සේ ඉගැන්වූ ප්‍රථම පාඩම වන කළගුණ සැලකීම ගැන එතුමා අවධානය යොමු කළ යුතු යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවා.

ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු ප්‍රකාශය පිළිබඳ විවාදය අමතමින් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළා.

බුදුන් වහන්සේගෙන් පාඩම් ඉගෙන අරගලයේ දරුවන්ට දඬුවම් කිරීම නවත්වන ලෙසද ඔහු ඉල්ලීමක් කර සිටියා.

ජනාධිපතිවරයා දැන් කරන්න යන්නේ තම පක්ෂය වසර තුනක් සටන් කරපු දේ බව පැවසූ කිරිඇල්ල මහතා “අප එතුමා ගැන ආඩම්බර වෙනවා”යනුවෙන් ද කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසුවා.

ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු ප්‍රකාශය තුළින් ඉදිරිපත් කරනු ලැබුවේ සමගි ජන බලවේගයේ වැඩපිළිවෙල බවද ඒ මහතා සදහන් කළා.

වත්මන් ජනාධිපතිවරයා මෙම ආර්ථික ව්‍යවසනයට පලි නොමැති බවත් එතුමා එළියේ සිටි පුද්ගලයෙක් බවත් කිරිඇල්ල මහතා සඳහන් කළා.

මෙම ආර්ථික අර්බුධයට සම්පුර්ණයෙන්ම ආණ්ඩුව වගකිව යුතු බවද ඒ මහතා පෙන්වා දුන්නා.

එම වීඩියෝව පහතින්,