hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 03, පෙ.ව. 11:16



මඩු සිංහල මහා විද්‍යාලය නැවත ස්ථාපනය කර සිසු අයිතියට පැවරීම පසුගියදා සිදුවුණා.

එම කටයුත්ත “සිසු සෙවණ” සංවිධානය හරහා සහ තවත් පිරිසකගේ දායකත්වයෙන් ක්‍රියාත්මක කිරීම විශේෂත්වයක්.

ප්‍රභාකරන්ගේ රුදුරු ඊලාම් සිහිනයේ ගොදුරු බවට පත්ව යුද සමයේදී වැසී ගිය පාසල් අතුරෙන් නැවත ස්ථාපනය කරන දෙවන පාසල ලෙසින් “මඩු සිංහල විද්‍යාලය” 2023 ඔක්තෝම්බර් මස 1 වන ලෝක ළමා දිනයේදී විවෘත කල අතර දුශ්කරතා රැසක් මධ්‍යයේ සිදුකළ මෙම ව්‍යාපෘතිය එම ප්‍රදේශයේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සිදුකල හැකි ඉහලම ආයෝජනයක්.

මෙම පාසල විවෘත කිරීමේ උත්සවය සඳහා පැපිලියාන සුනේත්‍රාදේවී රජමහා විහාරාධිපති පූජ්‍ය වැල්ලම්පිටියේ සුමනධම්ම නායක ස්වාමීන් වහන්සේ, මන්නාරම තම්බපන්නි සිංහල මහා විද්‍යාලයේ විදුහල්පති ගරු සුගත දියගම ධම්මරතන ස්වාමීන් වහන්සේ, කුරින්දි අශෝක විහාරයේ විහාරාධිපති ගල්ගමුවේ ශාන්තබෝධි ස්වාමීන් වහන්සේ, මඩු බෝධිරාජ විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ, හිටපු ජනාධිපති පුද්ගලික ලේකම් සහ නව සන්ධානයේ ප්‍රධාන විධායක නිලධාරී සුගීශ්වර බණ්ඩාර,සිසු සෙවන සංවිධානයේ සභාපති පී. කෝසල මහත්මා, නීතිඥ නුවන් ඉඳුනිල් බැල්ලන්තුඩාව මහතා, උතුරු පළාත් ප්‍රධාන ලේකම් එස්.එම්. සමන් බන්දුලසේන මහත්මා, උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එම්. පැට්‍රික් දිරංජන් මහතා, උතුරු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ජී. කුයින්ටන්ස් මහතා, මඩු දිස්ත්‍රික් කලාප අධ්‍යක්ෂකතුමිය, සිසු සෙවන සංවිධානයේ මාධ්‍යය ප්‍රකාශක සුනිල් කුමාර මහතා, සිසු සෙවන අධ්‍යාපන ඒකකයේ අධ්‍යක්ෂ නේත්‍රාංජන සුමනතිලක මහතා, හිටපු විදුහල්පති ඉංග්‍රීසි ගුරු උපදේශක පී. ජේ සූරසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: