hit counter

2024 මැයි මස 13 වන සඳුදා

2023 පෙබරවාරි 17, ප.ව. 1:12



පළාත් පාලන මැතිවරණය සදහා ජාතික ජනබලවේගයෙන් දිවයින පුරා පළාත් පාලන ආයතනවලට ඉදිරිපත් කර ඇති අපේක්ෂකයන් වැඩි පිරිසක් විවිධ අපරාධ වලට සම්බන්ධ වුවන් බව හිටපු අමාත්‍ය සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවා.

ඒ පස්බාගේ කොරලේ සහ නාවලපිටිය නගර සභාව මෙවර පළාත් පාලන මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සදහා පැවති පොකුරු රැස්විමකදී.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ මේ රටේ ජන්දදායකයින් මීට වසර ගණනාවකට පෙර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරුන් 43 දෙනෙකු පාර්ලිමේන්තුවට තොරාපත් කරගත් බවයි.

එම මන්ත්‍රිවරුන් රටට කිසිදු දෙයක් සිදු නොකල බවත් එම මන්ත්‍රිවරුන් ඔහුන්ගේ පෞද්ගලික දේවල් පමණක් සිදු කරගත් බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.

වසර 30ක් මෙරට පැවති යුද්ධය අවසන් කර රට සංවර්ධන කරා රැගෙන ගොස් කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දුන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ කෙරෙහි විශ්වාසය තබා සිය අපේක්ෂකයන්ට ජන්දය ලබාදෙන ලෙසයි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා නාවලපිටිය ජන්දදායකයින්ගෙන් ඉල්ලා සිටියේ.