hit counter

2024 මැයි මස 11 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 12, පෙ.ව. 4:14



මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමඟ ඉතා සමීපව ඇසුරු කළ තමන් සහ සජින් ද වාස් පොහොට්ටු පක්ෂයට අත්වන  ඉරණම තමා පෙර සිටම දැන සිටි බව  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් ප්‍රධාන  සංවිධායක නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පවසනවා.

මහින්ද රාජපක්ෂ මහත්තයා දිය නාන තැන්ට ගිහිල්ලා කතා කරන්න පුළුවන් නිදන කාමරයට ගිහිල්ලා කතා කරන්න පුළුවන් තත්වයට සමීප ඇසුරු කළ තමන් හට පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්නා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ගෙනා යෝජනාවට අමතරව සුසිල් ප්‍රේමජයන්ත්, අනුර යාපා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම යන  ඇමතිවරුන් තමන්ට ආරාධනා කළ ද තමන් එම අයට කියා සිටියේ පොහොට්ටුට අත්වන ඉරණම තමන්ට දැනුණු බවයි.

බැසිල් රාජපක්ෂ මහතා සමග කරන දේශපාලනය නිසා  වර්තමානයේ රටට හෙන ගැසී තිබෙන බවක් මේ රටේ ඉපදී ඉන්න සහ ඉපදෙන්නට ඉන්න දරුවන්ට පවා හෙන ගහන තත්වයට පත්කළේ බැසිල් වික්‍රමසිංහ බව ද වර්තමානයේ ඔහුට බැසිල් රාජපක්ෂ නොකියා බැසිල් වික්‍රමසිංහ යන නාමය ප්‍රකාශ කරන බව ද ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා සඳහන් කළා.

ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා මේ බව සඳහන් කළේ මාතලේ දිස්ත්‍රික් පළාත් පාලන මැතිවරණය සදහා ශ්‍රීලංකා නිදහස් පක්ෂය  නියෝජනය කරන අපේක්ෂකයින් දැනුවත් කිරීමේ අවස්ථාවකට සීගිරිය ප්‍රදේශයේ දී එක්වෙමින්.

මහින්ද රාජපක්ෂ මහා මහතා විනාශ කළේද බැසිල් රාජපක්ෂ මහතා බවත් සඳහන් කළා.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පන්න පන්නා පහර දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා ජනතාව එක්වන නිසා බවය.

කෙසේවෙතත් නිදහස් පක්ෂය යනු රාජ්‍ය දේපොළ වනසා ගිනි තබා විනාශ කරන කණ්ඩායමක් නොව ප්‍රජාතන්ත්‍රවාදීව ජය පැරදුම සමග ජනතාවට සේවය කරන පක්ෂයක් බව ද සඳහන් කර සිටියා.