hit counter

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

2023 අගෝස්‍තු 04, ප.ව. 1:22



ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයට යොමුකළ ප්‍රශ්නයකට ඔවුන් පසුගිය බදාදා පිළිතුරු සපයා තිබෙනවා.

එහි දැක්වෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වීරකැටිය නිවසේ පැවැත්වෙන උත්සවයක් සඳහා 2019.09.12 දින සිට 2019.09.15 දක්වා පැමිණෙන බැවින් ආරක්ෂක පහන් සවිකරන ලෙස ඉල්ලා තිබු බවයි.

ඒ සඳහා විදුලිබල මණ්ඩලයට ගෙවිය යුතු මුදල රුපියල් 26,82,246.57ක් වන අතර මෙතෙක් එම මුදල් ගෙවා නොමැති බව එම ලිපියෙහි සඳහන්.

අදාල දින කිහිපය තුල පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගල උත්සවයද වීරකැටිය නිවසේදී පැවැත්වුණා.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: