hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 දෙසැම්‍බර් 15, ප.ව. 7:12



දිවි දෙවැනි කොට රැකගත් රට වනාශ කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වුණු පොදුජන පෙරමුණේ මහා සම්මේලනයට එක් වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බැව් සඳහන් කළා.

‘යුද්ධයෙන් මිනිස්සු මැරෙන එක නවත්තපු අපි, කොවිඩ් වලින් මිනිස්සු මැරෙන එක නවත්වන්න වැඩ කළා. අභියෝග අත් නොහැර ඉන්න වෙලාවක තමයි ජනතාව කුපිත කරන ව්‍යාපාර ආරම්භ වුණේ. එතැන ඉඳන් වුණ දේවල් ඔබතමුන්වහන්සේලා දන්නවා.’

‘සමහරු බලය ගන්න කලින් ම සූට් මහලා ඉන්නෙ. ඔය සූට් මහපු කවුරුත් රට අමාරුවේ වැටුණම සූට් ඇන්ඳේ නෑ. මිත්‍රවරුනි අපේ පක්ෂය දැවැන්ත පෙරළියක් කරපු පක්ෂයක්. ඒ නිසා මොන බලවේගය ආවත් රටේ ප්‍රබලම බලවේගය අපේ පක්ෂය කියලා මම විශ්වාසයෙන් කියනවා. ඊළඟ මැතිවරණයෙත් අපේ කඳවුර තමයි බලවත්ම කඳවුර වෙන්නෙ..’

‘අපිට මිනිස්සු මඩ ගහනවා. අපි ලෑස්ති නෑ ඒ මඩ ගාව නවතින්න. මේක අපි හැමෝගෙම මාතෘභූමිය. අපි දිවි දෙවැනි කොට රැකගත්ත රට. ඒ නිසා මේ රට කාගේ හරි වුවමනාවකට කෑලිවලට කඩලා ආපස්සට ගන්න අපි ඉඩ තියන්නෙ නෑ කියලා විශ්වාසයෙන් කියනවා සහෝදරවරුනි. මිත්‍රවරුනි එදා අරගලයෙන් නැත්තටම නැතිවෙන්න තිබුණු රටක් බේරුණා නම් ඒ ඔබ දුන් ජනවරම නිසයි කියලයි මම විශ්වාස කරන්නෙ…’