hit counter

2026 මැයි මස 16 වන සෙනසුරාදා

2024 ජූනි 19, ප.ව. 2:45



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම දේශපාලන දිවියෙන් සමු ගැනීමට සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ හිටපු ජනාධිපතිවරයා එළඹෙන මැතිවරණයට ද තරඟ කිරීමට සූදානමක් නොමැති බවයි.

එතුමාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවීම මත පූර්ණ කාලීනව දේශපාලන කටයුතුවල යෙදීමට ඇති අපහසුතාවය සහ වෛද්‍ය නිර්දේශයන් සැළකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා එම තීරණය ගෙන ඇති බව පැවසේ.

කෙසේ වෙතත් ඉදිරි මැතිවරණයේදී තම පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් එතුමා කටයුතු කරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.