hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 08, ප.ව. 3:14



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැන් තමන් සමඟ සිටින නිසා තමන් හොද කියනා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.

‘එක්ව නැගිටිමු – කළුතරින් පටන් ගමු’ යන ජනරැලිය අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

රනිල් වික්‍රමසිංහ මහතා දැන් යහමඟට පැමිණ ඇති බව තමන් විශ්වාස කරන බවද ඒ මහතා කියා සිටියා.

රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වමින් මේ ගමන ඉදිරියට යෑමට සහයෝගය ලබා දෙන බවද සඳහන් කළා.

එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, 

“රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරන වැඩපිළිවෙල. එදා නම් අපි රනිල්ට බැන්නා. රනිල් UNP කාරයා කියලා. දැන් රනිල් ඉන්නෙ අපිත් එක්ක.  අපි දැන් රනිල්ට හොඳ කියනවා. මොකද එයා දැන් යහමගට හැරිලා කියලා විශ්වාස කරනවා. ඒ නිසා අපි එතුමාට සහයෝගය දක්වමින් මේ ගමන ඉදිරියට යන්න උදව් කරනවා.”

එක්ව නැගිටිමු – කළුතරින් පටන් ගමු’ යන මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ ජනරැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ පැවැත්වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලයේදීය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ, පියල් නිශාන්ත, සනත් නිශාන්ත, අනූප පැස්කුවෙල් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්, නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණි ලොකුගේ, සංජීව එදිරිමාන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටි බවයි වාර්තා වන්නේ.