hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ඔක්‍තෝබර් 17, පෙ.ව. 11:51



අද මැතිවරණයක් පැවැත්වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉන් ජයග්‍රහණය කළ හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ” එක්ව නැඟිටිමු” යන මැයෙන් පොදුජන පෙරමුණ ඊයේ (16) නාවලපිටියේ පැවැත්වූ ජනහමුව අමතමින්.

වැඩිදුරටත් අදහස් දැක්වු මහින්ද රාජපක්ෂ,

“අපිටත් වැරදුන තැන් තියෙනවා. අපි ඒක පිළිගන්නවා අවංකවම. හැබැයි අපිට වැරදුනා කියලා උඩපැනපු කවුරුත් ඉතිහාසයේ වැරදි නොකරපු අය නෙමෙයි. වැරැද්දක් වුණාම ඒක නිවැරදි කරගන්න අවස්ථාවක් තියෙනවා. පොදු එකඟතාවයකට එන්න කිව්වහම ඒක මඟහරිනවා. සමහරු ඉන්නවා අපිට දෝෂාරෝපණය කරන එක විතරයි කරන්නේ. ඒ අයට වගකීම් බෑ. ඔවුන් කැමති රට කරන්න නෙමෙයි. රට ගිනි තියන්න. ඒ නිසා ජනතාව උසිගන්වන අයගෙන් පරිස්සම් වෙන්න. අද අපි එද්දි පෙළපාලියක් තිබුණා. මම එන්න විනාඩි ගාණකට පෙර දී විසුරුවා හැරලා. මොකද්ද ඒකේ තේරුම. මොකද්ද බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා මේ රටේ කොටසක් ඉන්නවා අපිට විරුද්ධව. අද වුණත් මහ මැතිවරණයක් තිබ්බොත් අපි ජයග්‍රහණය කරනවා. ඒක තමා ඇත්ත. අද අපි රට වටේ යනවා. මේ තත්ත්වය ඉතාම පැහැදිලිව අපිට පේනවා. අපි එක්ව නැඟිටිමු කියන යෝජනාව මුළු රටටම ඇහෙන්න කියනවා.” යැයි මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා.

විශේෂයෙන්ම දරුවන්ගේ පෝෂණය පිළිබඳව අපි සැළකිලිමත් වන්න ඔීනෑ. ඔවුන් තමයි අපේ රටේ අනාගතය. ඒ වෙනුවෙන් විශේෂ සැළැකිල්ලක්  යොමු කරන්න අවශ්‍යයි. ඒ වගේම ජනතාව මත පැටවෙන ජීවන බර අඩු කරන්න හැකි සෑම පියවරක්ම ගන්න කියන ඉල්ලීම අපි දැනටමත් සාකච්ඡා කරමින් යනවා. කරලා තියෙනවා. අපි එහෙම පක්ෂයක් විදිහට මැදිහත්ව තියෙනවා. එකමුතුව මේ ප්‍රශ්ණ විසදා ගන්න  අපිට අනාගතයක් නිර්මාණය වෙනවා. ඒ වෙනුවෙන් රජය ගන්න සෑම උත්සාහයකටම අපි සහාය දෙනවා. මුලින් නතර වෙලා තිබුණු තැනින් පියවරක් හෝ ඉදිරියට යමු. ඉදිරියට යන්න ඒ සදහා එක්ව වැඩ කරමු. අනෙක් ඔක්කොම දෙවනුව අපිට විසදා ගන්න පුළුවන්. කෘෂිකර්මාන්තය වේවා, සංචාරක ව්‍යාපාරය වේවා, තේ රබර් කර්මාන්තය වේවා, වෙනත් කර්මාන්ත වේවා, ඔීනෑම වෘත්තියක් වේවා, විදේශ ගත ශ්‍රමිකයන් වේවා, දේශපාලඥයන් වේවා මේ සියලුම දෙනාට අද අවශ්‍යතාවයක් තියෙනවා එක්ව මේ රට ගොඩනගන්න. අපි ඒකට පෙළ ගැසෙන්න ඕනෑ.” යැයි ඔහු වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: