hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අගෝස්‍තු 25, ප.ව. 12:07



චීන පොහොර නැවට ගෙවූ මුදල හෝ ඒ වෙනුවෙන් රසායනික පොහොර හෝ ලබා ගැනීමට උත්සාහ ගත් නමුත් එය අසාර්ථක වූ බව කෘෂිකර්ම වනජීවී හා වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

ආපසු යැවූ කාබනික පොහොර වෙනුවට කාබනික පොහොර හෝ මුදල් හැර වෙනත් පොහොරක් ලබා දිය නොහැකි බව එම චීන පොහොර සමාගම දැන්වූ බවද අමරවීර මහතා කියා සිටියා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (24) පැවැති මාධ්‍ය  හමුවක් අමතමින්.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමඟද තමන් සාකච්ඡා කළ බව කී අමාත්‍යවරයා එහිදී එම ආයතනය සඳහන් කළේ කාබනික පොහොරවලට ඔවුන් ප්‍රමිතියක් සකස් කර නැති බව යැයිද අමරවීර මහතා සඳහන් කළා.

මින් එහා තමන්ට කළ හැකි දෙයක් නැතැයිද, මෙම පොහොර නැව නිසා සිදුවූ රුපියල් ලක්ෂ 69ක් අහිමිවීමත්, චීනය සමඟ පැවැති හොඳ හිත දුරස් වීමත් යැයිද ඔහු පවසා සිටියා.

කෙසේ වෙතත් කාබනික පොහොරවලට ප්‍රමිතියක් සකසන්නැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආතයනයට දැනුම් දුන් බවද හෙතෙම තවදුරටත් කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: