hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 අප්‍රේල් 13, ප.ව. 12:40



අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතා කල කතාව කියලා දුන්නේ කවුරුන්දැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ප්‍රශ්න කරනවා.

ශ්‍රී.ල.නි.ප මහ ලේකම්වරයා වන දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙවැනි අවස්ථාවක අග්‍රාමාත්‍යවරයෙක් කළ යුතු කතාවක් නොවන බවයි.

සාහසික ප්‍රකාශයක්

අග්‍රාමාත්‍යවරයාගේ කතාව ඉතා සාහසික ප්‍රකාශයක් ලෙසටයි ඔහු හඳුන්වා දෙන්නේ.

88 – 89 කාලෙත් ඔය වැනි සිදු වී තිබෙන බවත් ඒවා බලාගත් ආකාරයටම මේ අරගලයත් බලා ගමු කියන එක අග්‍රාමාත්‍යවරයාගේ කතාවේ අන්තර්ගතව තිබූ බව ජයසේකර මහතා අවධාරණය කරනවා.

එය මේ අවස්ථාවේ කළ ඉතා නරක ප්‍රකාශයක් ලෙසයි ශ්‍රී.ල.නි.ප මහලේකම්වරයා හදුන්වා දෙන්නේ.

88 – 89 භීෂණ සමය

ශ්‍රීලනිප මහ ලේකම්වරයා මේ බව සඳහන් කළේ ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 11 සංවිධානය කළ මාධ්‍ය හමුව අමතමින්.

ශ්‍රීලනිපය නියෝජනය කළ ශාන්ත බණ්ඩාර මහතාට රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබා දීමත් සමග ශ්‍රීලනිපය මේ වන විට ජනපතිවරයා සමඟ සියලු සාකච්ඡා ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතා කළ කතාවේදී විශේෂයෙන්ම 88 – 89 භීෂණ සමය සම්බන්ධයෙන් යළි මතක් කිරීමක් සිදු කළා.