hit counter

2026 මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 27, ප.ව. 3:33



ජනාධිපති කාර්‍යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් අද දින හිටපු ජනාධිපති සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ උත්තරීතර නායක මහින්ද රාජපක්ෂ සිය විජේරාම නිල නිවසේදී හමුවී ඇත.

මෙහිදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡා කර තිබිණි.

සාගල රත්නායක සහ සුසිල් ප්‍රේම්ජයන්ත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලබා දෙන ලෙසට දැඩිව ඉල්ලා ඇත.

මෙහිදී මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ සදුදා දේශපාලන මණ්ඩලය සමග සාකච්ඡා කර තම තීන්දුව දැනුම් දෙන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: